Arama Pooja

ආරාම පූජා...

ආරාම පූජා...

ගෞතම බුදු සමිඳුන්ගේ නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් ඔබගේ ජීවිතය සුවපත් කරවන්නටත්, මෙලොව පරලොව යහපත සලසනු පිණිසත්, බ්‍රිස්බේන් නුවර මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කරන්නට යෙදුණේ මහමෙව්නාව අසපු සංචිතයේ සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු නිර්මාතෘ වන අපගේ ගුරු දේවොත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් සහ මගපෙන්වීමෙන් යුතුවය.

මේ වනවිටත් බැංකුවෙන් ලබාගත් ණය මුදලක් යටතේ අසපුව සඳහා අක්කර දෙකහමාරක ඉඩමක්  මිලදී ගෙන ඇති අතර එම මුදල සහ පොලී මුදල් මාසික වාරික ක්‍රමයක් යටතේ ලබාදීම සඳහා ඔබටත් සම්බන්ධ වී ඔබගේ ජීවිතය පිනෙන් පුරවාගත හැකිය.

පින්වත් ස්වාමීන් වහන්සේලා තුන් නමක් වැඩ සිටින අතර, ගෞතම බුදු සමිඳුන්ගේ නිමල දහමින් ඔබගේ ජීවිතය සුවපත් කරන්නට යම් යම් වැඩසටහන් පෙළක් ද දියත් කෙරෙමින් පවතී. ඔබගේ සදහම් පිපාසය සංසිඳුවමින් සීල භාවනා වැඩසටහන් පවත්වමින්, නිවෙස් වල සෙත් පිරිත් සජ්ඣායනා, දහම් දේශනා පවත්වමින්, දහම් සාකච්ඡාමය වැඩසටහන්, ලේ දන්දීමේ පින්කම්, ගර්භණී මව්වරුන් වෙනුවෙන් පවත්වනු ලබන ආශිර්වාද සෙත් පිරිත් පින්කම් මෙන්ම දරුවන්ගේ අවශ්‍යතාවයන් සඳහා දහම් අධ්‍යාපනය ලබාදෙමින් මහඟු සේවාවක් පවත්වාගෙය යනු ලබයි.

මෙසේ පවත්වාගෙන යනු ලබන මෙම පුණ්‍ය භූමිය බ්‍රිස්බෙන් නුවර සැදැහැවතුන් හට සුවසේ සදහම් සුවය විඳිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නට, සදහම් පිපාසය සංසිඳුවාලන පැන්තොටක් සේ ස්ථාපිත වේවායි අපගේ පැතුම වේ.

සිව්දිගින් වඩින මහා සංඝරත්නය උදෙසා යමෙක් කුටි සෙනසුන් සාදා පූජා කරනු ලබත් ද, හේ වනාහී සියල්ල දන් දුන්නා වේ.

-කිංදද සූත්‍රය-

මේ සඳහා සම්බන්ධ වන ඔබට ඔබගේ දායකත්වය කොටස් වශයෙන් ලබාදිය හැකිය.

එනම්, ඩොලර් 25000ක් බැගින් වූ කොටස්, ඩොලර් 10000 බැගින් වූ කොටස්, ඩොලර් 5000ක් බැගින් වූ කොටස්, ඩොලර් 2500ක් බැගින් වූ කොටස්, ඩොලර් 1000ක් බැගින් වූ කොටස්, ඩොලර් 500ක් බැගින් වූ කොටස් වශයෙන් ඔබට හැකි අයුරෙන් ඔබගේ දායකත්වය ලබාදිය හැකිය.

මෙසේ දායකත්වය ලබාදෙන ඔබට ඔබ විසින් ලබාදෙන දායකත්වය වාරික වශයෙන් හෝ ලබාදීමේ හැකියාවද ඇත.

මේ සඳහා ඔබට සම්බන්ධ වියහැකි පහසු මග පෙන්වීම් පෙළක්.

මේ සඳහා ඔබට සම්බන්ධ වියහැකි පහසු මග පෙන්වීම් පෙළක්.

1

ඔබගේ හෝ ඔබගේ දරුවන්ගේ හෝ ඔබගේ දෙමාපියන්ගේ හෝ උපන්දිනයක් ඇත්නම්,

ඔබගේ හෝ ඔබගේ දරුවන්ගේ හෝ ඔබගේ දෙමාපියන්ගේ හෝ උපන්දිනයක් ඇත්නම්, දරුවන්ගේ අනාගතය පිනෙන් පුරවාලීම පිණිසත්, අනාගත දරුවන් පින කෙරෙහි නැඹුරු කිරීම පිණිසත්, භෞතිකමය වශයෙන් ලබාදෙන දාන අතර අග්‍ර වූ ආරාම පූජාව සඳහා දායකත්ව කොටසක් ලබා දී දරුවන් හට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයත් පිනෙහි ආනුභාවයත් ලබාදීම.

(ඔබගේ දරුවාගේ උපන්දිනය පවතින දිනයේ හෝ ඒ ආසන්න දිනයක පවුලේ සාමාජිකයින් සමඟ අසපුභූමියට පැමිණ එදින සවස 7.00ට පවත්වනු ලබන සම්බුද්ධ වන්දනාවට සම්බන්ධ වී සෙත් පිරිත් සජ්ඣායනාය කරමින් ආශිර්වාදය ලබාදීමේ අවස්ථාවද උදා වේ.)

2

ඔබගේ මියපරලොව ගිය දෙමාපිය හෝ වේවා ඤාති හිතමිතුරෙකු වෙනුවෙන්

ඔබගේ මියපරලොව ගිය දෙමාපිය හෝ වේවා ඤාති හිතමිතුරෙකු වෙනුවෙන් වේවා අග්‍ර වූ පිනක් රැස්කොට පින් අනුමෝදන් කරනු අපේක්ෂාවක් වෙයි නම් මේ ආරාම පූජාව සඳහා දායකත්ව කොටසක් ලබාදී එම පින ඔබගේ ඤාතියා වෙනුවෙන් අනුමෝදන් කිරීම.

(මෙම පින්කමට සම්බන්ධ වන ඔබට ද ඔබ පින් අනුමෝදන් කිරීමට අපේක්ෂා කරන දිනයට අසපුවෙහි සවස 7.00ට පවත්වනු ලබන සවස සම්බුද්ධ වන්දනාවට සම්බන්ධ වී පින් අනුමෝදන් කළ හැකිය. )

3

ඔබගේ විවාහ සංවත්සරය නිමිතිකරගනිමින්

ඔබගේ විවාහ සංවත්සරය නිමිතිකරගනිමින් ඔබ ජීවිතය පිනෙන් පුරවාගනු කැමති නම්, මේ අග්‍ර පින වූ ආරාම පූජාව සඳහා කොටස් වශයෙන් දායකත්වය ලබා දී ඔබගේ ජීවිතය පිනෙන් පුරවාගත හැකිය.

පිනට කැමති ඔබට

පහසුම මගක්...

ඔබගේ ජීවිතයට අග්‍ර පින් එකතු කරනු කැමති නම් ඔබ, දවසේ පැය අටක් සේවා ස්ථානයෙහි වැඩ කරයි නම්, සෑම පැයකට වරක් ඩොලර් 01 එකතු කරන්න. දවස ගෙවෙන විට ඔබ මේ අග්‍ර පින වෙනුවෙන් වෙන්කළ මුදල ඩොලර් 08කි. දවස් විස්සක් ගතවන විට ඔබ අත අග්‍ර පින වෙනුවෙන් ඩොලර් 160ක් ඇත. දින 62ක් ගතවන විට ඔබට මේ අග්‍ර පින වෙනුවෙන් වෙන්කළ මුදල ඩොලර් 500කි.

ඔබගේ දරුවන් තුළ පින උපද්දවන පහසු මගක්...

ඔබගේ දරුවන්ගේ ජීවිතය පිනෙන් පිරවීම පිණිසත්, දරුවන් හට ඉතිරිකිරීම සහ පින්කිරීම හුරු කිරීම පිණිසත් කුඩා කැටයක් දරුවෙකු හට ලබා දී හැකි අයුරින් එකතුකොට දරුවාගේ උපන්දිනය දිනට දරුවා අතින් ආරාම පූජාවට දායකත්වය ලබාදීමට උත්සහවත් කරවන්න. ඒ තුළින් දරුවාගේ උපන් දිනය වෙනුවෙන් දරුවා අග්‍ර පිනක් රැස් කරනු ඇත.  

DIRECT DEBIT

  • Account Name:  Mahamevnawa Buddhist Monastery of Brisbane Limited.
  • Bank: Westpac
  • BSB:  034093
  • Account No: 861189

© 2024 Movely. All Rights Reserved.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *